
වර්ෂ 1897 ජූලි මස 12 දින දොම්පේ ග්‍රාමයෙහි උපත ලද මෙතුමා නමින් ඒ.ඇස්.පෙරේරා නම් විය. වෘත්තීය මට්ටමින් හන්දි වෛද්‍ය විශේෂඥ වූ මෙතුමා දරුවන්ගේ බෞද්ධ අධ්‍යාපනය උදෙසා ඉමහත් සේවාවක් සිදු කලේය. වෘතීය මට්ටමින් වෛද්‍යවරයෙක් වූ පෙරේරා මහතා වර්ෂ 1932 ජනවාරි මස 08 වන දින සිංහල බෞද්ධ විද්‍යාලය ලෙස වර්තමාන අප පාසල නිර්මාණය කරවිය. ගුරු හිගය හා පාසල් කටයුතු යහපත්ව කර ගැනීමට අවැසි කල්හි විද්‍යාලයේ විදුහල්පති තනතුර භාර ගත් ඒ.ඇස්.පෙරේරා මහතා අප පාසලේ ප්‍රථම විදුහල්පතිවරයා ද බවට පත්විය.
එසේ අනාගත ලෝකය දිනන දරුවන්ගේ දෑස් පෑදීමට ඉමහත් වෙහෙස වී කටයුතු කල මෙතුමා වර්ෂ 1990 ජනවාරි මස 28 වන දින අභාවප්‍රාප්ත විය...


_ දැනට පවතින පාසලේ පැරණිතම ලොග් සටහන _






