නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
W.W.W.G.P. කුමාරි දසනායක
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණි කලාපයේ පිහිටි සුභාෂි රාජිකය විද්‍යාලය දීප්තිමත් පාසලකි.සුභාෂි රාජකීයයන් අධ්‍යාපනික, නර්තන,සංගීත, ක්‍රීඩා හා විවිධ් අංශවලින් කලාප, පළාත් සහ ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන තිබේ.
අනාගතයට වඩාත් උචිත හැකියාවන් පරිපූර්ණ කරගනු වස් නවීන තාක්ෂණික දැනුම අත්පත් කර ගනිමින් සිටින්නා වූ සුභාෂි දූ පුතුන්ට නව දැනුම අත්පත් කර ගන්නට හා ප්‍රවේශයන් විවර කරගන්නට මෙම වෙබ් අඩවිය ඵලදායී වනු ඇතැයි මම විශ්වාස කරමි.
රටට පූර්ණ පෞරුෂයකින් හෙබි දුවා දරුවන් තැනීයම්දී අපි විවිධ් වූ අභියයෝගයන් ජය ගනිමින් සිටින්නෙමු.ඒ සඳහා අප සමඟ අත්වැල් බැඳගන්නට අප විදුහල හා සම්බන්ධ සියලුම පාර්ශවයන්ට මෙම වෙබ් අඩවිය හා සම්බන්ධ වන ලෙසත් ගෞරවනීය ආරාධනයක් කරන්නට ද මෙය අවස්ථාවක් කරගන්නෙමි.
වත්මන් නියමුවරයාණන් වන ඩබ්.ඒ.එන්.ඩයස් මහතා හා සුභාෂී ආචාර්ය මණ්ඩලය හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සුවිශේෂි මෙහෙවර මෙහිලා සිහිපත් කරන්නෙමි.
"සුභාෂී රාජකීය දියණිවරුන්ගේ හා පුතණුවන්ගේ අනාගතය වඩාත් යහපත් වේවායි සුභපතමි"
W.W.W.G.P. කුමාරි දසනායක
නියෝජ්‍ය විදුහල්පති
බප/කැල සුභාෂි රජකීය මහා විද්‍යාලය.






