විදුහල්පති පණිවිඩය
W.A.N.රෝහිත ඩයස්
ගුණ නැණ බෙලෙන් මෙන්ම සියලු ශිල්පීය කුසලතා වන්ගෙන් සපිරුණු උදාර දරු පරපුරක් බිහි කිරීම, සුභාෂි රාජකීය විදු මාතාවගේ අභිලාෂයයි. විෂයානුබද්ධ මෙන්ම විෂය සමගාමී අංශ ඔස්සේ පැවැත්වෙන තරගවලින් කලාප, පළාත් හා සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ ලබා ගන්නා සුභාෂී විද්‍යාලය , කීර්තිමත් පාසලකි.
මේ වන විට තොරතුරු තාක්ෂණ අංශයෙන් ද සුභාෂි දරුවන් බොහෝ ජයග්‍රහණ ලබා ඇති බව අභිමානයෙන් සටහන් කළ යුතුය. ඔවුන් විසින් නිර්මානය කරන ලද මෙම වෙබ් අඩවිය ද එම ජයග්‍රාහී ගමන සනාථ කරන ප්‍රබල සාක්ෂියකි. මෙම කර්තව්‍යය සාක්ෂාත් කර ගැනීමට උර දුන් විෂයභාර ආචාරතුමියටත්, සිසු දරුවන්ටත් සුභ පැතුම් පිරිනමමි. ඔවුන්ටත්, මෙම ඵලදායී ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහය වූ සැමටත් ස්තුතිය පුද කරමි.
මෙම වෙබ් අඩවිය, විද්‍යාලයීය අභිද්ධිය උදෙසා සක්‍රීය දායකත්වයක් සපයනු ඇතැයි විශ්වාස කරමි පාසලේ දියුණුව අපේක්ෂා කරන් සියලුම පාර්ශවයන්ට මේ සමග අත්වැල් බැදගන්නා මෙන් ගෞරවයෙන් ආරාධනා කරමි.
දස දෙස කිතු ගොස පතුරමින් පෙරටම පියමනින සුභාෂී රාජකීය විද්‍යාලයේ අභිමානවත් ගමනට හෘදයාංගම සුභාශිංසන එක් කරමි.
W.A.N.රෝහිත ඩයස්
විදුහල්පති
බප/කැල සුභාෂි රාජකීය මහා විද්‍යාලය.






