- පාසලේ ගෞරවය ආරක්ෂා කළ යුතුය
- පන්ති කාමරය හා වටපිටා පිරිසිදුව තබා ගැනීමට උනන්දු විය යුතුය
- පාසල් ගොඩනැගිලි හා භාණ්ඩ ආරක්ෂාකාරීව පරිහරණය කිරීමට වගබලා ගත යුතුය
- ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා සුදුසු වාතාවරණය රැකගත යුතුය
- පාසලට ඇතුළුවන විට බුදු මැදුරට නමස්කාර කර පන්ති වලට යා යුතුය
- බාහිර ක්‍රියාකාරකම් සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් අවම වශයෙන්ම 2ක වත් නිරත විය යුතුය
- සම්පූර්ණ නිල ඇඳුම (විකෘති කිරීමකින් තොරව)හැඳ සිටිය යුතු අතර අනවශය මෝස්තර වලින් වැළකී සිටිය යුතුය
- පාසල තුළට පොලිතීන් රැගෙන ඒමෙන් වැලකිය යුතුය
- පාසල ආරම්භයේදී හා අවසානයේ පලමු සීනුව නාද වූ අවස්ථාවේ සියලු වැඩ නවතා තම පංතියට ගොස් දෙවන සීනුවේදී පෝලිම් සාදාගත යුතුය. තෙවන සීනුවේදී ආගමික වතාවත් වලට සූදානම් විය යුතුය
- කාණ්ඩ විෂයන්ට සහ පන්ති කාමරයෙන් වෙනත් කාර්යකට යාමේදී තනි පේළියට ගමන් කළ යුතුය
- විවේක කාලය අවසානයේ දී සීනුව නාද වීමත් සමඟ පන්තිවලට යා යුතුය මෛත්‍රී භාවනාවෙන් පසුව පන්තියෙන් පිටවීම නොකළ යුතුය
- පාසල අවසානයේ ගාථා කීමෙන් පසුව නාද වන සීනුවත් සමඟ ශිෂ්‍ය නායකයන්ගේ මඟ පෙන්වීම යටතේ පේලි සැදී පිටතට යා යුතුය






