ක්‍රි.ව.1932 සිංහල බෞද්ධ කණිෂ්ඨ විද්‍යාලය ලෙස ශ්‍රී ලංකා පාසල් පද්ධතියට එක්වුණු අපගේ පාසල එවකට ගොඩනැඟිලි දෙකකට පමණක් සීමාවූ කුඩා පාසලක් විය. පළමුව ගොඩනැඟිලි දෙකක් හා පොල් අතු මඩුවකින් ඇරඹි අප පාසලේ මුල්ම වැඩ බලන විදුහල්පතිවරයා වූයේ ඒ.එස්.පෙරේරා මහතාය. ඉතා සුළු ශිෂ්‍ය පිරිසක්න් ආරම්භ ව පසුව ක්‍රමයෙන් දියුණුවට පත් අප පාසල 1 වන ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම් පන්ති නිර්මාණය විය ක්‍රි.ව. 1946 දී ජයසිංහ හා 1955 දී ඇල්බට් යන ගෞරවනීය විදුහල්පතිවරුන් අප පාසලට නව ජීවයක් ලබා දුන්හ.
එලෙස ක්‍රි.ව. 1955 දී ජයසිංහ විදුහල්පතිතුමාගේ සොහොයුරෙකු සතු ඉඩමක් පාසල වෙත පරිත්‍යාග කළේය. වර්තමානයේ බියගම පොලීසිය අසල ප්‍රාථමික විද්‍යාලය එම භූමිය තුළ ස්ථාපනය වී ඇත.
සිංහල බෞද්ධ කණිෂ්ඨ විද්‍යාලය නමින් එවකට අගමැතිව සිටි සර් ජෝන් කොතලාවල මහතාගේ සුරතින් අප පාසල සුවහසක් ළමා පරපුරට තම ජීවිතය ජය ගැනීමට උරදෙන පාසලක් ලෙස එදා සමාජයට දායාද විය.

ක්‍රි.ව.1962 අප පාසලේ උසස් අධ්‍යාපනය ලැබූ සිසුන් 6 දෙනෙකු සරසවි වරම් ලබා ඇත. පසුව ඇති වූ ගුරු හිඟය මත 1982 දී සිංහල බෞද්ධ කණිෂ්ඨ විද්‍යාලය වැසී ගියේය.
පසුව බියගම ආයෝජන කලාපය ආරම්භ වීමත් සමඟ 2013 වර්ෂයේ ගරු මහින්ද රාජපක්ෂ මහතා විසින් පැරණි බියගම පොලිස් ස්ථානය සතු වූ අප පාසල් භූමිය නැවත අප හට ලබා දීමට කටයුතු කරන ලදී. පසුව බියගම පොලිසිය අසල භූමිය ප්‍රාථමික විද්‍යාලය ලෙසත් වල්ගම ප්‍රදේශයේ වූ භූමිය මහා විද්‍යාලය ලෙසත් නිර්මාණය විය.
වර්තමානයේ විදුහල්පතිතුමා වන රෝහිත ඩයස් මහතා සුභාෂි විදුමාතාව ගෞරවනීය පාසලක් කිරීමට නිරතුරුව කැපවී ක්‍රියා කරයි.






